දුම් කුඩු ගෙනා කතක රේගුවේ හිරවේ


හාන්ස් දුම් කුඩු හා විෂ මත් පුවක් කිලෝ 129ක් රෙදි අස්සේ සඟවා ඉන්දියාවේ සිට රැගෙන ආ බව කියන පනස් හැවිරිදි කතක සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂවරුන් වන බාලසූරිය හා මද්දුමබන්ඩාර යන මහත්වරු කියති. මත්කුඩු තොගය රාජසන්තක කර රුපියල් 25000ක දඩ නියම කළේය. පාසල් අසල විකිණීම සඳහා මේවා ගෙන එන්නට ඇතැයි රේගුව සැක කරයි. මේ වසෙර් මුල් මාස තුනේදී ඇය පස් වතාවක් ඉන්දියාවට ගොස් ඇත.