දුප්පතාගේ පාත්තරේ හෙනහුරා


ඉතාලියේ මෝදනා දිස්ත්‍රික්කයේ ස්ත්උන්බෑර්තෝ නගරයේ පදිංචි ශ්‍රී ලාංකිකයකු ඉතාලියේ රැකියා නැති ශ්‍රී ලාංකිකයනට මස් කඩවල රැකියා සපයා දෙන බව කියමින් මුදල් ගෙන අතුරුදන් වී ඇතැයි පැමිණිලි කරති. යුරෝ 500 සිට 800 දක්වා (රුපියල් 85000-136000) හතලිස් දෙනෙකුගෙන් මුදල් ගෙන ඇතත් කිසිවකුටත් රැකියා දී නැතැයි ඔහුට මුදල් දුන් කීප දෙනෙක් කියති. ඉතාලි බස හොදින් හැසිරවිය හැකි මොහු, ඉතාලියේ සෑහෙන කාලයක සිට ජීවත් වන බවත්, ශ්‍රී ලංකාවේ පොලීසියට ද අවශ්‍ය පුද්ගලයකු බවත් දැනගන්නට ඇත. ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක කුළියට ගත් වාහනයක් ව්‍යාජ ලියැවිලි හදා විකිණී යැයි ඔහුට එරෙහි චෝදනාවක් ඇත.