ගලේවෙල කොස්ගහහින්න පදිංචි ආර්.එම් .ලොකුබණ්ඩා (40) සිව්දරු පියෙකි. රැකියාව පොල් කැඩීමයි.
මීට වසර කීපයකට පෙර ගසකින් වැටීමෙන් අත කැඩී ඇති ඔහුගේ පුතුන් දෙදෙනා මහණ දම් පුරති.
දියණිය 9 වැනි වසරේ ඉගෙනුම ලබන්නීය. කටුමැටි ගැසූ එක් කාමරයක ජීවත් වන මෙම පවුලට ජීවත් වීමට මුදල් සොයා ගැනීම සඳහා ලොකුබණ්ඩා ගේ බිරිඳ ඉන්ද්‍රානි කුමාරි රට රැකියාවකට පිටත්වීමට තීරණය කළාය. ඇය ගලේවෙල රන්වදියාව විදේශ රැකියා උප නියෝජිතවරයකු ගේ බසට රැවටී ආගමන විගමන නීති උල්ලංගනය කරමින් සංචාරක විසා මගින් කුවේට් ගියාය.
එහෙත් දැන් ඇයට එරට රැකියා නියෝජිත කාර්යාලයේ සිරකාරියක වී දින ගණන් වලට අලෙවි වීමට සිදුව ඇතැයි කියති.
ඇයට පහරදී සිරකර තබා සිටින බව ඇය නිවසට දැනුම් දී ඇත.ලොකු බණ්ඩා බිරිඳ ගෙන්වා ගැනීමට ගත් උත්සාහයද අසාර්ථක වී ඇත. රැකියා නියෝජිතයා සොයාගන්නටවත් නැත. ඔහු නැවතත් කැඩුණු අතින් අමාරුවෙන් පොල්ගස් බඩගා දරුවන්ට වේලක් හැර වේලක් කන්නට දෙයි.





