ප්‍රසාද් රුක්මාල්
දෙස් විදෙස් සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් බදුල්ල දුන්හිඳ දියඇල්ල නැරඹීමට යාම සඳහා නව කෙටි මාර්ගයක් බදුල්ල කලන්වත්ත හරහා ඉදිකිරිමට කටයුතු කර ඇතැයි බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා පැවසීය.
බදුල්ල ප්‍රාදේශීය සභාවේ ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස ඉදිකෙරෙන මෙම නව කෙටි මාර්ගය බදුල්ල කලන්වත්ත සිට දුන්හිඳ දියඇල්ලට කිලෝමීටර් 2 ක් පමණ දුර බවද හෙතෙම කීය.
දුන්හිඳ දියඇල්ල නැරඹීමට යාමට ඇති කෙටිම මාර්ගය වන මෙම මාර්ගයේ මීටර් 500 ක් පමණ දුරට මාර්ගය කොන්ක්‍රීට් කර ඇති බව පවසන බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා මාර්ගයේ ඉතිරි කොටස ස්වභාවික වනාන්තර,ලදු කැළෑවන් ගල් ගුහා ගස්කොළන් මැදින් වැටී තිබෙන සුන්දර එකක් බව සඳහන් කළේය.