( ප්‍රසන්න පත්මසිරි)
දුන්හිද දිය ඇල්ල නැරඹීමට ගමන් කරන ප්‍රවේශ මාර්ගය අද(17) සිට දින නියමයක් නොමැතිව වසා තැබු බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පැවසීය.
දේශීය විදේශීය සංචාරකයින් විශාල වශයෙන් ඇල්ල නැරඹීමට පැමිණීම නිසාත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෙම ක්‍රියාමාර්ග ගත් බව කියයි.
සොරණාතොට ප්‍රදේශී සභාව මගින් ඇල්ල සංචාරක මධ්‍යස්ථානය පාලනය කරනු ලබයි.


