(ජයන්ත සමරකෝන්)
විපක්ෂ නායක කාර්යාලයේ පිහිටුවනු ලැබූ ‘ ඔම්බුඩ්ස්මන් ‘කාර්යාලයට විවිධ දුක් ගැනවිලි ඇතුළත් මහජන පැමිණිලි 500ක් පමණ මේ වන විට ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා අද ( 11) පැවසීය.
ආණ්ඩුව ජනතාවගේ ගැටළු ප්‍රශ්නවලට ඇහුන්කම් නොදීමත්, විසඳුම් නොදීමත් නිසා මෙම කාර්යාලය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබූයේ ඉකුත් 03 වැනිදාය.
මෙම කාර්යාලයට දිනපතාම විශාල වශයෙන් පැමිණිලි ලැබෙන බවද, ස්ථානමාරු විම්, උසස් වීම් ඇතුළු දේශපාලන පළිගැනීම් ගණනාවක් ඒ අතර වන බවද ඒ මහතා කීවේය.
කොළඹ 10, වජිරාඝ්‍රම, බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

