දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන නව වසරක් උදා වේවා



(සුජිත් හේවාජුලිගේ )

දුක කඳුළ වෙනුවට සතුට සම්පත රජයන අලුත් අවුරුද්දක් වේවායි රටේ සියලුම ජනතාවට ප්‍රාර්ථනා කරන බවවිපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ  පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

සුපුරුදු අභියෝග මෙන්ම නුපුරුදු අභියෝග ද ඉදිරියේදී පැමිණීමට ඉඩ ඇති හෙයින් මේ සියලු ගැටලු කළමනාකරණය කර ගැනීමට මේ අවස්ථාවේදී සියලු දෙනා සාමූහික වගකීමෙන් කටයුතු කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.