(ආරියරත්න රණබාහු)
මෙම සියවසේ දැකිය හැකි දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය ඇසළ පුර පසළොස්වක පොහොය දින (27) රාත්‍රීයේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකය පවසයි.
එම චන්ද්‍ර ග්‍රහණය ශ්‍රි ලංකාවේ වේලාවෙන් එදින රාත්‍රී 10.45ට ආරම්භ වී පසුදින (28) අලුයම 4.56 දක්වා සිදුවන බව එම ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
28 වැනිදා අලුයම 1.00 සිට පස්වරු 2.43 දක්වා පැයයි විනාඩි 43 ක කාලයක් පුර්ණ චන්ද්‍ර ග්‍රහණය සිදුවන බවද ජයරත්න මහතා කීය.