(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට ගිය සමෘද්ධි නියාමකවරයකුට පහරදීමක් සිදුකර ඇතැයි නාඋල පොලිසිය කියයි.
අද (03) පස්වරු පහට පමණ නාඋල - අඹන ප්‍රදේශයේ දී පහරදීම සිදුව තිබේ.
රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති කොරෝනා ව්‍යවසන තත්ත්වය හේතුවෙන් අසරණභාවයට පත්වු පිරිස් සදහා ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාදීම සදහා ගිය අවස්ථාවක දී සමෘද්ධි නියාමකවරයාට පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ කාන්තාව සමෘද්ධි බැංකුවෙන් කලින් ලබාගත් ණය මුදලක් නිසි පරිදි ගෙවීම පැහැර හැර ඇති අයෙක් බවත්,ඇයට රුපියල් 5000 ලබාදීම සදහා ඉහළ නිලධාරින්ගේ උපදෙස් ලබාගත යුතු බවත් සිද්ධියට මුහුණ දුන් සමෘද්ධි නිළධාරිවරයා සදහන් කර තිබේ.
කෙසේ වෙතත් ඉන් සෑහීමට පත්නොවු අදාල සිද්ධිය සිදුවු ස්ථානයේ රැදි සිට පිරිසක් තමන්ට පහරී දී තුවාල සිදුකළැයි සමෘද්ධි නියාමකවරයා නාඋල පොලිසියට පැමිණිලි කර ඇත.
නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යූ.පී.ජි.කේ.රත්නායක මහතා කියා සිටියේ අද (03) පස්වරැවේම අදාල සැකකරැවන් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාකරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

