දීපිකා ගීයෙන් නම තියයි


පිලිපීනයේ මැනිලා නුවරදී ‘ගුසී’ සම්මානයෙන් පිදුම් ලැබූ ප‍්‍රවීණ ගායිකා විශාරද දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස් මෙනවිය ලබන සඳුදා (3) දිවයිනට පැමිණීමට නියමිතය. දීපිකා ගැයූ ‘සරෝජා’ ගීතය වෙනුවෙන් ඇයට මෙම සම්මානය පිරිනමා ඇත.