දීඝවාපියෙන් තවත් ඉපැරැණි සාධක By None // 2011 නොවැ 10 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඓතිහාසික දීඝවාපී සෑ මළුවේ පුරා විද්‍යා කැණීම්වලදී ලෝකඩ පිළිම අටක් හමුවී තිබේ. චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඬේ කැණීම් කිරීමේදී පොළොව මට්ටමේ සිට සෙන්ටි මීටර් 35ක් ගැඹුරින් මෙම පිළිම සොයාගෙන ඇත. කි‍්‍රස්තු වර්ෂ 7-8 සියවසට අයත් යැයි සැලැකිය හැකි මෙම පිළිමවලින් දෙකක් බෝසත් හෝ සතරවරම් දෙවියකුගේ යැයි සිතිය හැකි බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් භාර අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා පැවැසීය. මෙයට අමතරව ලෝහ පහනක්, කාසි, මුදුවක් සහ එයට ඔබ්බවන ගලක්ද, මැටි ප්‍රතිමාවක කෙහෙරැළි ද මැටි ගඩොල් කැටයම් ද හමුවී ඇත. මෙයට පෙර කරන ලද කැණීම්වලදී ද ගව රූප, සිංහරූප, පබළු හා ශිලාලේඛන හමුවිය. ලංකා බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් කැණීම් කැරෙයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත