දීඝවාපි වැඩ යළි ඇරැඹේ


ඓතිහාසික දීඝවාපී චෛත්‍යයයේ සංරක්ෂණය අද යළි ඇරැඹිණි. මීට අවුරුදු පනහකට කලින් මෙහි සංරක්ෂණය මුලින්ම ඇරැඹීය. 1980 දී යළි එම කටයුතු ඇරැඹූ නමුත් බාහිර උපද්‍රව හා ප‍්‍රතිපාදන හිඟය නිසා අතරමග නතර විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද හිමි ද, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසුරිය, දිගාමඩුල්ල දිස්ත‍්‍රික්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර, පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහත්වරු පැමිණ සිිටියහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සෙබළු 200 දෙනෙක් සංරක්ෂණයට හවුල් වෙති. මූල්‍ය දායකත්වය ලංකා බැංකුවෙනි.