දිසා විනිසුරුවන් 13 කට උසස්වීම්



(මනෝප‍්‍රිය ගුණසේකර)


දිසා විනිසුරුවරුන් දහතුන් දෙනෙකු පසුගියදා මහාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් වීම් ලබා   දී  ඇත.


එලෙස උසස්වීම් ලබාදෙන ලද්දේ ආර්.එස්.එස්. සපුවිද, සුජීව නිශ්ශංක, ලාල් රණසිංහ බණ්ඩාර, එස්.ඒ.අය්.එස්. සුරවීර, ප‍්‍රදීප් අබේරත්න,  සහන් මාපා බණ්ඩාර, එස්. නන්දසේකරන්,  ක‍්‍රිෂාන්ති අමරතුංග,  ඉවොන් ප‍්‍රනාන්දු,  ජී.ජී. සිරිපාල, එන්.එම්.එම්. අබ්දුල්ලා,  ගිහාන් පිළපිටිය සහ එස්. සුසෙයි යන මහත්ම මහත්මීන්ටය.


මහාධිකරණ විනිසුරුවරුන් ලෙස එලෙස උසස් වීම් ලබා දෙන ලද විනිසුරුවරුන් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා සමඟ  ඡායාරූපයෙන්  දැක්වේ.