දිසා තුනක නාය තර්ජන


දින කිහිපයක සිට පවතින මහ වැසි නිසා රත්නපුර, කෑගල්ල, හා නුවරඑළියේ නාය යෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. රත්නපුර, ඇහැලියගොඩ, පැල්මඩුල්ලේ ද යටියන්තොට, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල හා දැරණියගල ද නුවරඑළියේ අඹගමුව කෝරළේ හා  ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ද නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීම කර ඇත. නොකඩවා  වැසි  ලැබුණොත් හැටන්, මස්කෙළිය, නෝර්ටන් බි‍්‍රජ්, ගිනිගත්හේන හා අවිස්සාවේල්ල - හැටන් මාර්ගය දෙපස බෑවුම් ගැන ඉදිරි පැය 24 පැයේ සෝදිසියෙන් සිටින යුතු බව නාය යෑම් පිරික්සුම් අංශයේ ප‍්‍රධානි ආර්.එම්. එස් බණ්ඩාර මහතා කියයි.