දිසා කීපයක ගම් කීපයක් නිදහස් කරයි


(නිමන්ති රණසිංහ)

කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 3 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද 27 උදෑසන සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කළුතර අම්පාර සහ කොළඹ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදා හැරඇත.

මෙලෙස හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.

කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ කැකුළන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස.

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසම.

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ තුන් තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම.