(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් රත්නපුර, ගාල්ල, කළුතර, මාතර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම දිස්ත‍්‍රික්කවල අවදානම් කඳුබෑවුම් ආසන්නයෙන් ඉවත්වන ලෙස එම පදිංචිකරුවන්ට දැනුම්දෙන බව ද එම සංවිධානය පවසයි.
ගස් ඇලවීම්, බොරළු කැට කඩාවැටීම්, දියසීරා මතුවීම් ආදිය නායයෑම්වල පූර්ව ලක්‍ෂණ බවත් එවන් අවදානමක් පවතී නම් වහාම 117 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.

