(ඩයනා උදයංගනී)
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ, ගඟ ඉහළ කෝරළේ, දොළුව, දෙල්තොට, උඩු පළාත හා උඩුනුවර, නුවරඑළිය දිස්‍ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මෙම අවදානම මතුව ඇතැයි එම සංවිධානය පවසයි.
එම ප්‍රදේශවල අවදානම් සහිත කඳු සහ බෑවුම් ආශ්‍රිත ප්‍රදේශයන්හි පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බව ද එම සංවිධානය සඳහන් කරයි.

