දිස්ත්‍රික්ක 7ක ඩෙංගු පැතිරයාමේ අවදානමක්


(රංජන් කස්තුරි)
 
කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 7ක ඩෙංගු උණ රෝගය තදින් පැතිරයාමේ අවදානමක් හටගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම හටගෙන ඇතැයිද එම ඒකකය පවසයි.

වසරේ ගෙවී ගිය කාලය තුළ 45,000කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් හමුවී ඇති අතර මරණ 70ක් වාර්තා වී තිබෙන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි.

කොළඹ නගරයේ ස්ථාන බොහොමයක මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවතින බවද අනාවරණය වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.