(අජන්ත කුමාර අගලකඩ)
දිස්ත්‍රික්ක හතරකට හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ අද (17) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
කලින් තීරණය කළ පරිදි කලුතර , නුවරඑළිය , යාපනය සහ වන්නි යන දිස්ත්‍රික්ක හතර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
දිස්ත්‍රික්ක කිහිපයකට අපේක්ෂකයන් ලබාදීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් සිදුව ඇති බවට දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙකු එම රැස්වීමේදී පෙන්වා දී ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැස්වීම අතරවාරයේදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට දුරකතනයෙන් කතාකර වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
කුරුණෑගල , ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට පොදුජන පෙරමුණෙන් තවත් අපේක්ෂකයෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දෙන ලෙසද එහිදී ඉල්ලීමක් කර ඇත.
ඒ සම්බන්ධයෙන් සලකා බලා කඩිනමින් පිළිතුරක් ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මහාතා එහිදී දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන පෙරමුණ යටතේ තරග කරන අපේක්ෂකයන් දෙදෙනෙකුද , අනුරාධපුරයෙන් අපේක්ෂකයන් දෙදෙනෙකු හා ගම්පහෙන් එක් අපේක්ෂකයෙකු ද ඉදිරිපත් කිරීමට දැනට අවස්ථාව ලබාදී ඇත.

