දිස්ත්‍රික්ක 4 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි


(නිමන්ති රණසිංහ)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේම අද උදෑසන සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද කටයුතු කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් බලප්‍රදේශයේ,බ්මාටුවාගල වත්තෙහි උඩ කොටස

ගම්පහ දිස්ත්‍රික්යේ වත්තල පොලිස් බලප්‍රදේශයේ, හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්‍රාමය

හැදල උතුර ග්‍රාම නිලධාරී වසමේ රබර්වත්ත ග්‍රාමය

කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ පොලිස් බලප්‍රදේශයේ, ඔබේසේකරපුර 514 C

නුවරඑළිය දිස්ත්‍රික්කයේ

 බගවන්තලාව පොලිස් බලප්‍රදේශයේ, කොටියාගල වත්ත පහළ කොටස