දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අවදානමක්


(ඩයනා උදයංගනී)

පවතින තද වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර , කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර , ඇහැලියගොඩ , කුරුවිට , ඇලපාත , පැල්මඩුල්ල , කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල , බුලත්කොහුපිටිය, දෙහිඕවිට , අරනායක සහ යටියන්තොට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුවකෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි මෙම අවදානම මතුව තිබෙන බව එම සංවිධානයේ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා පැවසීය.

එබැවින් මෙම දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශවල බෑවුම් ආශ්‍රිතව සිටින ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව ද ඔහු සඳහන් කළේය.