දිස්ත්‍රික්ක 10 කට නාය අනතුරු ඇඟවීම්


(මොහොමඩ් ආසික්)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 28  පැනවු කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය  අද (11) සවස් වන තුරු බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, ලාහුගල,ඇල්ල සහ හාලිඇල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ,කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල, සහ  ඉංගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයට පළමු මට්ටමේ නිවේදනයද  උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දෙහිඕවිට,දැරණියගල, සහ වරකාපොල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා  සහ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට සහ උකුවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ පිටබැද්දර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ  මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රාදේශිය ලේකම් කොට්ඨෘසය සඳහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති අතර මැදගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ හඟුරන්කෙත සහ නුවරඑළිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ  නිවේදනය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, බලංගොඩ සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශිය ලේකම් කෙතාට්ඨා සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.