දිස්ත්‍රික් පහක වසම් 16ක් හුදකලා කරයි


දිස්ත්‍රික්ක පහකට ග්‍රාම නිලධාරි වසම් 16කට අයත් ප්‍රදේශ අද අලුයම සිට හුදකලා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ගම්පහ,කළුතර, අම්පාර, මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ග්‍රාම සේවා වසම් 16ක් හුදකලා කර ඇතැයි ද වාර්තා වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර පොලිස් වසමේ,ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A කේ සී සිල්වා 70 B, කටාන පොලිස් වසමේ , කදිරාන උතුර - ඇටබගහ වත්ත ගම්මානය කදිරාන දකුණ - පේෂකර්ම ගම්මානය වත්තල පොලිස් වසමේ ,සේදවත්ත - මහ පමුණුගම කොටස,කුන්ජගහ වත්ත - 44 වන පටුමඟ, නිල්සිරි ගම - 03 හා 07 වන පටුමඟ ද

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ පොලිස් වසමේ නර්තනගල 616C  මොරහේන පොලිස් වසමේ‍ පලන්නොරුව 604,කේරළගම 604 , කුඹුක බටහිර 607 A, කොටස ද

මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල පොලිස් වසමේ‍ බෝහිටිය ගාම සේවා වසම ද

අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ නවමැදගම - නවමැදගම කොටස, බක්මීදෙණිය - රන්හෙළගම කොටස සේරුපිටිය - සේරුපිටිය උප කොටස ද

රත්නපුර දිස්ත්‍රික්කයේ අංගම්මන 182 C හුදකලා කර ගම්මාන අතර වන බව යුද හමුදාපත් ජනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.