(රංජන් කස්තුරි)
නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවක් විසින් ක්ෂුද්‍රමූල්‍ය ආයතන වෙතින් ලබාගෙන තිබූ ණය කපාහැරීමට කැබිනට් මණ්ඩලය අද (24) තීන්දු කර තිබේ.
ඒ අනුව ත්‍රිකුණාමලය , අම්පාර , මඩකළපුව , යාපනය , මුලතිව් , කිළිනොච්චිය , වව්නියාව , මන්නාරම , කුරුණෑගල , පුත්තලම අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල කාන්තාවන් ලබා ගෙන තිබූ පරිභෝජනය සඳහා නොවන රුපියල් ලක්ෂය දක්වා වන ණය කපා හැරීමට නියමිතය.
ඒ සඳහා යෝජනාවා ඉදිරිපත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.