දිවුලපිටිය වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)
 
මිනුවන්ගොඩ දිවුලපිටිය හේන්පිට ගෙදර ප්‍රදේශයේ දී අද (23) පස්වරුවේ විශේෂ කාර්ය බළකාය හා පතාල සාමාජිකයන් අතර ඇතුළු වු වෙඩි හුවමාරුවකින් පතාල සාමාජිකයකු බව කියන අලුතපොළ කුරේ නැමැත්තා මිය ගොස් තවත් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අතර බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරයෙක් ද සිටින බව පොලිසිය කියයි.

මෙම පිරිස කිසියම් අපරාධයක් සඳහා යමින් සිටියදී විශේෂ කාර්ය බළකායට කොටු වී ඇති බවත් මොවුන් විශේෂ තැබීමත් සමඟ මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.

සැකකරුවන් සතුව මිලිමිටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක්, අත්බෝම්බයක් සහ ප්ලාස්ටික් පිස්තෝල දෙකක් සොයා ගෙන ඇත. සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා දිවුලපිටිය පොලිසිට බාර දී ඇත.