(රොමේෂ් මධුෂංඛ )
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු ඇතුළු සිව්දෙනකු අද කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන 29 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට කිලිනොච්චිය වැඩබලන මහෙස්ත්‍රාත් එස්.ග්‍රේෂියන් මහතා අද (25) දින නියෝග කළේය.
වනජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගෙන මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
දිවියා ඝාතනය කිරීමට සම්බන්ධ සෙසු සැකකරුවන් කොළඹ හා මඩකලපුව ප‍්‍රදේශවලට පැන ගොස් සැඟවී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරයි.
රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම්හි පදිංචි වයස අවුරුදු 23 ක් වු තුරෙයි රාසා ප්‍රතාප් , ත්‍යාගරාසා සූපන් නැමති වයස අවුරුදු 22 ක් වු හා සින්නරාසා පිරින්දන් වයස අවුරුදු 24 ක් වූ තරුණයෙකු හා තම්බිරාසා තවරාසා නැමති වයස අවුරුදු 26 ක් වු , ධර්මපුරම් පදිංචි පිරිසකි.
පසුගිය 21 වැනි දා අම්බාල්කුලම් ප‍්‍රදේශයට ආහාර සොයා පැමිණ සිටි පිරිසක් විසින් කිහිපදෙනකු වෙත සපාකෑම හේතුවෙන් ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් දිවියා සොයා ඝාතනය කර තිබු අතර එම ඝාතනය කිරීම් වීඩියෝ දර්ශන හා ඡායාරූප ඔවුන් විසින් සමාජ ජාලා වෙබ් අඩවිතුලට නිකුත්කර තිබිණි.

