දිවියා මැරූ දෙදෙනා රිමාන්ඩ්


 

 

 

 

සිතුම් චතුරංග

           

කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලූ මුගුරු වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කිලිනොච්චිය වැඩබලන මහෙස්ත‍්‍රාත් එස්.ගේ‍්‍රෂියන් මහතා අද (24) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කෙරුණේ කිලිනොච්චිය අම්බාල්කුලම් ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු වූ  නටරාජා මෝහන්රාජ්(42) , නටරාජා සුපුමාර් (39) නැමැත්තන් වෙති.

කිලිනොච්චිය පොලිසිය දිවියා ඝාතනය කිරීම සම්බන්ධයෙන්  සමාජ ජාලා වෙබ් අඩවිතුළ පලවී තිබූ ඡායාරූප හා වීඩියෝ දර්ශන සැළකිල්ලට ගනිමින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිසිය වෙත පසුගියදා කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර සිටියේ සමාජ ජාලා වෙබ් අඩවි පරිශීලනය කරමින් දිවියා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසය.

දිවියා කළ පහරදීම් හේතුවෙන් වනජීවි නිලධාරියකු ඇතුළු 10 දෙනකු තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර සිටියහ.