(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ දී ප්‍රදේශවාසීන් එක්ව වඳවී යාමේ තර්ජනයකට ලක්ව ආරක්ෂා කළ යුතු වර්ගයේ දිවියකු මරා දැමීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව උතුරේ පරිසරවේදීහු පවසති.
පරිසරවේදීහු කියා සිටින ආකාරයට මෙම වඳවී යන ආරක්ෂා කරගත යුතු වර්ගයේ සිටින දිවියා යම් කිසි පුද්ගලයකු මරා දමන්නේ නම් ඔහුට එරෙහිව රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා මුදල් දඩයක් ද වසර දෙකේ සිට වසර පහක් දක්වා වූ සිර දඬුවමක් ද නියම කළ හැකි බවයි.
එමෙන්ම කිලිනොච්චිය වනජීවී නිලධාරීන්ද දිවියා ආරක්ෂා කරගැනීමට අවස්ථාවට උචිත නොවන ආකාරයකට රාජාකාරි සිදුකර ඇති අයුරු පෙනෙන්නට නොමැති බවක් පෙනී යන අතරම දිවියා මැරීමට දායක වූවන් වීඩියෝ පරික්ෂා කර හෝ හඳුනාගත යුතු අතරම වනජීවි නිලධාරීන් වෙනුවෙන්ද වෙනම පරික්ෂණයක් සිදු කළ යුතු බවට උතුරේ පරිසරවේදීහු වැඩිදුරටත් කියා සිටියහ.
අම්බාල්කුලම් ප්‍රදේශයට ඇතුල් වූ දිවියා ඊයේ (21) දින පළමුව එළුවන් පිරිසකට පහර දී වැසියන් සිව් දෙනෙකුටද පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ අතර පසුව වනජීවි නිලධාරීන් පැමිණ දිවියා ඇල්ලීමට යාමේදී දිවියා පහරදීම හේතුවෙන් වනජීවි නිලධාරියකු තුවාල ලැබීමත් සමඟ වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත්තේ දිවියා ඇල්ලීට අවශ්‍ය පිරිස් හා උපකරණ රැගෙන ඒම සඳහාය.
නමුත් වනජිවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්වීමත් සමඟ ප්‍රදේශවාසීන් නැවත දිවියා සෙවීමට යාමේදී දිවියා විසින් නැවත වරක් පහර දීමෙන් සාමාන්‍ය වැසියන් පස් දෙනෙකු තුවාල ලැබූ අතර දිවියාගේ පහරදීමෙන් තුවාල ලැබූ මුළු ගණන 10 ක් වේ.