සිතුම් චතුරංග
කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලූ මුගුරුවලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දසදෙනකු ලබන 5 වැනි දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය වැඩබලන මහෙස්ත‍්‍රාත් එස්. ගේ‍්‍රෂියන් මහතා අද (3) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකෙරුණේ කිලිනොච්චිය පාසලක අනධ්‍යන කාර්ය මණඩල සේවකයකු වූ ත්‍යාගරාසා සුගන් (22), කිලිනොච්චිය අම්බාල්කුලම් පදිංචි තුරෙයිරාසා ප‍්‍රසාද් (23), නටරාජා මෝහන්රාජ්(42) , නටරාජා සුපුමාර් (39) , යෝගරාසා නිරෝජන් , රොබින් ඇන්ටන් , කිලිනොච්චිය ක‍්‍රිශ්ණපුරම් පදිංචි සින්නරාසා පිරින්දන් (24) හා කිලිනොච්චිය ධර්මපුරම් පදිංචි තම්බිරාසා තවරාසා(27) නැමැත්තන් වේ.
දිවියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගිය 25 වැනි දා සැකකරුවන් හත්දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගතකර සිටි අතර පසුගිය (29) දා තවත් සැකකරුවන් තිදෙනකු වරද පිළිගනිමින් කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට බාරවිය.