දිවියා මැරුවාට බර දඩයක්


රුපියල් දෙලක්ෂයක කොන්ත‍්‍රාත්තුවකට අඩි හතක දිවියකු මින්නේරිය ගිරිතලේ රක්ෂිතයේ දී ගිය ජූලි 16 වැනි දා මැරූ දඩයක්කරු හා ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු හය දෙනකුට දඹුල්ල මහේස්ත‍්‍රාත් චමරි මහේෂිකා දනන්සූරිය මෙනෙවිය රුපියල් හාර ලක්ෂ හතළිස් දාහක දඩ නියම කළාය. දඩයක්කරු වූ ඩබ්ලිව්. ජී. මහින්දරත්න, ඒ.ජී. හේමපාල, ඩබ්ලිව්.ජී. නිමල් රත්නායක, ඩබ්ල්වි.ජී. රත්නපාල, කේ.ජී. විජේසිංහ, හා ඩබ්ලිව්.ජී. චන්ද්‍රපාල විත්තිකරුවෝය.