දිවියා ඝාතනය ගැන රජයෙන් පරික්ෂණයක්


ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානයේ දී  දිවියා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය පුළුල් පරික්ෂණයක් පවත්වන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.

සභානායකවරයා ඒ බව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ හිටපු වනජිවී ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් දැක්වු අදහස් වලට පිළිතුරු දෙමිනි.