දිවියකු පහරදීමෙන් වතුකම්කරුවන් 5කට තුවාල


(රංජිත් රාජපක්ෂ)

දිවියකුගේ පහරකෑමට ලක්වු වතුකම්කරුවන් පස්දෙනෙක් දික්ඔය මුලික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් සිව් දෙනෙක්ට සහ වතුකම්කරු කාන්තාවක් අද (2) පස්වරු 1.00 ට පමණ තේ වත්තේ රැදී සිටි දිවියකු පහර දි ඇති බවයි.