දිවිපිදූ රණවිරුවන්ට විශ්‍රාම වැටුප ඉල්ලා පාගමනක්


(ශාන්ත රත්නායක)

ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සේවයේ නියතුව සිටියදී මියගිය රණවිරුවන්ට අවුරුදු 55 යෙන් පසු ලබා දෙන විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා සියලුම ත්‍රිවිධ හමුදා හා පොලිසියේ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ගේ එකමුතුව සංවිධානය කරන පා ගමනක් හා උද්ඝෝෂණයක් අද ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විණි.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ වූ මෙම පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ කලාපය වෙත පැමිණ විරෝධතවයේ නිරතවූහ.