දිවි පිදූ ගුවන් විරුවෝ සැමරෙති


ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීම  තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා කතෝලික දේවස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම දේව  මෙහෙය  මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සෙබලුන්  මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් සිහිකර යාඥා කිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිම මෙහිදී සිදුකෙරිනි. .

මෙම අවස්ථාව සඳහා  ගුවන් හමුදා අධ්‍යක‍ෂ මණ්ඩලයේ සාමාජිකයෝ,  ගුවන් හමුදාවෙි ජ්‍යෙෂ්ඨ නිළධාරීහු  සෙසු නිළයන් ඇතුළු  මිය ගිය රණවිරු පවුල් වල සාමාජිකයෝ ද  සහභාගී වුහ.