දිවි පැටවු වෛරසයට දිවි දෙති


ගිය වසරේ ජූනි මාසයේදී තම්බෝවෙන් හමුවූ දිවි පැටවුන් තිදෙනාගෙන් දෙදෙනෙක් අබිරහස් රෝගයකින් මරුමුවට පත්වූහ. ඉතිරිව සිටින දිවි පැටවා බේරා ගැනීමට පශු වෛද්‍යවරු වෙහෙසෙති. හඳුනා නොගත් වෛරසයකින් ඇති වූ බඩයෑමෙන් මේ සතුන් දෙදෙනා මියගිය බව පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය අංශය වාර්තා කරයි.