දිවි නැගුම පනතට දිවි ලැබේ


මතභේදයට තුඩුදුන් දිවිනැගුම පනත පාර්ලිමේන්තුවේදී අද තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත විය.
පක්ෂව ඡන්ද 160කි. විපක්ෂව 53කි.
මන්ත‍්‍රීවරු 11 දෙනෙක් පැමිණ නොසිටියහ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධව ඡුන්දය දුන්නේය. පනතට සංශෝධන කීපයක් එක්කළ යුතු යැයි කතානායකට ශ්‍රේෂ්ඨාධිකරණය උපදෙස් දී තිබිණි.