
(ළහිරු හර්ෂණ )
කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දි පැය 24 පුරා සිදු කෙරෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරණ වැඩසටහනේ දී ඉකුත් 24 පැයේ පුද්ගලයන් 19,000 දෙනකුට එන්නත් ලබා දුන් බව යුද හමුදාව කියයි.
ඊයේ අලුයම 6.00 ආරම්භ වූ එන්නත් කරණය අඛණ්ඩය අද දිනත් පැවැත්වෙන බව ද යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එන්නත් ලබා ගැනිම සඳහා විශාල පිරිසක් ඊයේ රාත්‍රියේදී විහාර මහා දේවී උද්‍යානයට පැමිණ සිටියහ.
මේ අතර කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත එන්නත් මධ්‍යස්ථානයේද ඊයේ සහ අද (02)දින ඉතා සාර්ථක අයුරින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව යුද හමුදාව විසින් ලබා දුන්නේ. දිවා රෑ නොතකා විශාල පිරිසක් කිරිල්ලවල මහා විදුලේ පිහිටුවා ඇති එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් ලබා ගත් බව අප වාර්තා කරුවෝ පවසති.








කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත එන්නත් මධ්‍යස්ථානයේදී එන්නත් කරණය සිදු කළ අයුරු (ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)







