දිවයින පුරා රාත්‍රී 11 සිට අලුයම 4.00 දක්වා සංචරණ බෑ


(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා අද 12 සිට මැයි 31 වැනිදා දක්වා රාත්‍රියේ එකොළහේ සිට පසු දින අලුයම 4 දක්වා සංචරණ සීමා කරන බව කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

කෙසේ වෙතත් මේ කාලසීමාවේදී අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර ලැබෙන බව යුද හමුදාපතිවරයා කීය.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා පළාත් අතර සංචාර සීමා ද රජය විසින් පනවනු ලැබීය.