දිල්ලි පිලේ නායකයා මහේල


දකුණු අප‍්‍රිකාවේදී ලබන ඔක්තෝබර් මස 9 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන  ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි - 20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා ජාතික පිලේ නායක මහේල ජයවර්ධන නම් කර තිබේ. මෙවර අයි.පී.එල්. තරගාවලියේ දිල්ලි පිලේ නායකයා ලෙස කටයුතු කළ ඉන්දීය ප‍්‍රවේගකාරි පිතිකරු විරේන්ද්‍ර සෙවැග් ද කණ්ඩායමට ඇතුළත්ව සිටියි.