(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
දියවන්නා ඔය ආශ්‍රිතව ඇති ජලාශය මත ඉදිකරන බෞද්ධ ආගමික මධ්‍යස්ථානය සඳහා රජයේ අරමුදල් යොදවා නැතැයි මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඊයේ (24) මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ බව කී ඇමැතිවරයා මෙසේද කීය.
ගාමිණි ලොකුගේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ දී කියා තිබුණා පාර්ලිමේන්තුවට එන පාරේ සීමා මාලකයක් තනනවා. ඒක වැස්සට කඩා වැටිලා එකේ කිසිම ගුණාත්මකභාවයක් නෑ. ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා තිබුණා.
මේ සඳහා අපගේ අමාත්‍යාංශයෙන් හෝ රජයේ කිසිම අරමුදලක් යොදවා නැහැ. එය පෞද්ගලික ආයතනයක් විසින් කරන දෙයක්.දියවන්නාවේ වෙසක් කලාපය ඇති කළ අවස්ථාවේ මෙවැනි ස්ථෘනයක් නිර්මාණය කිරිමේ අදහස් ආවා.ඒ මගින් බෞද්ධ භික්ෂුන් වහන්සේලාට බණ භාවනා කිරිමටත් මේ ප්‍රදේශයේ මං තීරුවල ඇවිදින අයට ධර්ම සාකච්ඡෘවලට සහභාගී වීම සඳහාත් මෙවැනි ස්ථානයක් ඉදිකළ හොත් සහභාගී වීම සඳහාත් මෙවැනි ස්ථෘනයක් ඉදිකළ හොත් එය ප්‍රෙයා්ජනවත් වෙයි කියන අදහස් ආවා.