දියවන්නාවට පෙරළුණු සුපිරි රියේ හිමිකරුට දඩ


(කේ බුද්ධික කුමාරසිරි )
 
තමා විසින් පදවන ලද  සුඛෝපභෝගී මෝටර් රථය තවත් මෝටර් රථ දෙකක ද ගැටී තවතුගොඩදී  දිය වන්නා ඔයට පෙරැළීමෙන් පසු රථය අතහැර දමා පලා ගිය සිද්ධියේ නඩුව අද (15) යළි කැඳවූ අවස්ථාවේදී එම සිද්ධියේ සැකකරුට  පොලිසිය ඉදිරිපත් කර තිබූ චෝදනා තුනක් සදහා රුපියල් හාර දහස් පන්සියයක දඩ මුදලක් ගෙවීමෙන් අනතුරුව නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.


මෙසේ  නඩුව අවසන්  වුයේ  කැබිනට් අමාත්‍යවරයෙකුගේ ඥාතියෙකු  වන ෆාහිම් මොහොමඩ්  හුසෙන් නමැත්තෙකුටය .
ඉකුත් මාර්තු මස 17 වන දින උදෑසන සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව් වර්යේ මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් තවත් මෝටර් රථ දෙකක ද ගැටී තලවතුගොඩ මංසන්ධියේදී දිය වන්නා ඔයට පෙරැළිමෙන් පසු මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කල සැකකාර පුද්ගලයා පලා ගොස්  තිබිණි.


පසුව එම සැකකරු ඉකුත් මාර්තු මස 20 වන දින කඩුවෙල අධිකරණයට භාර වීමෙන් පසු ඉකුත් මාර්තු මස 27 වන දික්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට එදින පැවැති නඩු විභාගයේදී රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබිණි.


ඒ අනුව අද කැඳවු නඩුවේදී සියලු කරුණු සලකා බලමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය