දියවන්නා තරණයට ආබාධිතයෝත් එති


ශ්‍රී ලංකාවේ සිටින රටේ විශාලතම සුළුතරය වන ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා මෙවර ස්වාධීන කණ්ඩායම් දෙකක් ලෙස ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලට තමන් තරග කරන බව ආචාර්ය අජිත් සී.එස්.පෙරේරා මහතා අද (6) කොළඹ ගලධාරී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පුද්ගලයකු සතු හැකියාව කෙටි කාලීනව ගිලිහී ගිය දින ඒ අය සමාජයෙන් කොන්වී අනුන් මත යැපීමට සිදුවන බව පැවසූ ඔහු ආත්ම ගරුත්වයෙන් යුතුව සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට මෙතෙක් අවස්ථාව නොලැබීම ගැන ප්‍රධාන දේශපාලන පක්ෂවලට වසර 20ක පමණ කාලයක සිට කීවද තම අයිතිවාසිකම් මෙතෙක් නොලැබීම මත දේශපාලනයට පිවිසීමට සිදුව ඇති බවද කීවේය.

හැකියාව සීමිත ජන කොටස සතු අයිතිවාසිකම්, සමාජයෙන් කොන්වීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පවා ගිය බවත් මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු 8ක් රජකම් කළත් ආබාධිත පුද්ගලයන්ගේ හඬට සවන් නොදුන් නිසා මහින්ද සමග නැගිටින්න තමන්ට නොහැකි බවත් ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතාද අගමැතිවී මාස 6කට වඩා ගතවුණද ඔහුටද ආබාධිතයන්ගේ හඬ නොඇසුණු බවත් තමන්ගේම පාර්ලිමේන්තුවේ නියෝජිතයකු පත්කරගෙන අයිතීන් ලබාගැනීමට ‘අපි වෙනුවෙන් නගන අපේම හඬ‘ ලෙස සංවිධානගතවී මෙම වැඩපිළිවෙළ ඇරඹූ බවත් ආචාර්ය අජිත්.සී.එස්.පෙරේරා මහතා සඳහන් කළේය.

_DSC1605

 

වීඩියෝ - ඉෂාන් සංජීව

 

වීඩියෝ - අතුල දේවප්‍රිය