(ඩී.කේ.රත්න)
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (16) අසාධ්‍ය තත්වයෙන් බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව පොලිසිය පැවසීය.
ඉතාලියේ සිට පැමිණ දියතලාව පැරණි ලටෙක් ඉංජිනේරු වැඩබිමෙහි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි වයස අවුරුදු 17 ක පිරිමි අයෙකු හා වයස අවුරුදු 61 ක කාන්තාවක් මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙම දෙදෙනාම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදී උණ රෝගයට ලක්වීම හේතුවෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

