එස් .ඩී .කොඩිකාර
වයස අවුරුදු දහයක තම දියණියට පෙට්‍රල් වක්කර ගිනි තැබීමට තැත් කළ බව කියන පියකු (28) අද (29) අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය කියයි.
මෙම දැරිය හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. දැරියගේ මව විදේශගත වී සිටින බවත් දැරිය පියාගේ මව සහ පියා සමඟ ජීවත් වූ බවත් පොලිසිය කියයි.
දැරියගේ හිසට පෙට්රල් වත් කරන ආකාරය දැරියගේ සීයා දැක ඇතැයි ද, ඔහු දැරිය බේරා ගෙන පොලිසියට පැමිණිලි කර ඇතැයි ද පොලිසිය පවසයි.

