(විජේරත්න රත්නායක )
නව හැවිරිදි දැරියක් මරා රහසේ වළදැමූ බව කියන කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු ද අද (06) අත්අඩංගුවට ගත් බව හාලි ඇල පොලීසය පවසයි.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ හාලිඇල පොලිස් බල ප්‍රදේශයට අයත් කන්දේගෙදර මහතැන්න ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා වන 31 හැවිරිදි පුද්ගලයෙකි.
වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම කාන්තාවගේ සැමියා ඇය අත්හැර ඇති බවත් පසුව ඇය සහ ඇගේ දියණිය හාලිඇල කන්දේගෙදර පදිංචිකරුවෙකු වන මෙම අනියම් සැමියා සමඟ කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචියට පමිණ ඇති බවත් පැවසේ.
වයස අවුරුදු 09 ක් පමණ වන දියණිය ඉකුත් 2018 ජනවාරි මස දිනක ඝාතනය කොට වත්තේ වළ දමා ඇති බවට බදුල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත හාලිඇල පොලීසිය මඟින් එම මව හා අනියම් සැමියා සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
හෙට (07) එම මළසිරුර ගොඩගැනීමට නියමිතව ඇති අතර බදුල්ල පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රෙස්කර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.

