දියණිය පැහැරගෙන කප්පම් ඉල්ලූ ක්‍රීඩා උපදේශක අත්අඩංගුවට


(ප්‍රසාද් මුතුකුඩ)


මීගමුව ප්‍රදේශයේ  කෝටිපති ව්‍යාපාරිකයකුගේ  බාල වයස්කාර දියණියක් පැහැර ගෙන ගොස්  රුපියල් කෝටියක් කප්පම්  ඉල්ලන බව පැවසෙන ක්‍රීඩා  උපදේශයකු මීගමුව කොට්ඨාශ  අපරාධ විමර්ශන  ඒකකය විසින් අද (30)  අත්අඩංගුවට ගනු ලැබීය.


පැහැරගෙන යාම, කප්පන් ඉල්ලීම, ස්ත්‍රි අපචාර සිදු කිරීම යන චෝදනා මත  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුවේ පදිංචි  25 වියැති  මුස්ලිම්  ජාතික සැකකරුවෙකු බව පොලීසිය කියයි.


සැකකරු හා  දැරිය අතර මුහුණු පොත හරහා ප්‍රේම සම්බන්ධතාවයක්ද  තිබූ බව පොලීසිය පවසයි.