දියණිය දුෂණය කළ පියාට වසර 56 ක සිරදඩුවම්


(එච්. චන්දන)

වයස අවුරුදු 14 ක් වූ තම දියණිය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව පුත්තලම මහධිකරණයේදී වරද පිළිගත් පියකුට චෝදනා තුනක් යටතේ වසර 56 ක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් පුත්තලම මහාධිකරණ විනිසුරු  ආදිත්‍යම කාන්ත මද්දුමපටබැදිගේ මහතා නියෝග කළේය.

මෙලෙස සිර දඩුවම් නියම වුයේ පුත්තලම පොලිස් වසමේ විරතෝඩේ පුරිදිවාසල් සේනකුඩිරිප්පුව පදිංචිව සිටි මුස්පික් මොහොමඩ් යාකුබ් මොහොමඩ් මුස්පි (41) පුද්ගලයකුටය.

විත්තිකරුට එරෙහිව ඇති එක් චෝදනාවකට වසර 15 බැගින් චෝදනා තුනකට  වසර 45 ක්ද , ඒ එක් චෝදනාවකට ලක්ෂ 2 බැගින් දඩ මුදලක්ද , ඒ දඩ මුදල නොගෙවන්නේ නම් වසර 2 බැගින් වසර 6 ක්ද , ලක්ෂ 05 ක වන්දි මුදලක් ගෙවන ලෙසත් එම මුදල නොගෙවන්නේ නම් වසර 5 ක සිර දඩුවම් නියම කැරිණි.

පුත්තලම මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය  මගින් මෙම නඩුව ගොනු කර තිබිණි.