සිය දියණිය ඝාතනය කර කලා ඔයට විසි කළ බවට පාපොච්චාරණය කළ පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේ මව අද (04) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සාලියවැව , නීලබැම්ම ඕලුමඩුව ප්‍රදේශයේ දී ඉකුත් 30 වැනිදා අතුරුදන් වූ බව කියන මෙම දැරිය සොයා දින තුනක් නාවික හමුදා කිමිදුන්කරුවන්ගේ සහාය ඇතිව පොලීසිය,ගම්වාසීහු එක්ව මෙහෙයුම් කටයුතු සිදු කළහ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ ඩබ්ලිව්.ජී.තෙනරි තිසාරා නැමැති සිව් හැවිරිදි දැරියකි.
ඉකුත් 30 වැනිදා සිය මව සමඟ නිවසේ සිටියදී අතුරුදන් වු බවට ලැබුණු පැමිණිල්ලක් මත දැරිය සෙවීමේ කටයුතු අරඹා තිබිණි.
සිය දියණිය පිළිබඳව මව විටින් විට සැක මතුවන අයුරින් පරස්පර විරෝධි කතා පොලීසියට පවසා තිබු අතර ඒ පිළිබඳව සැක සිතූ පොලීසිය මවගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ.
අනතුරුව හෙළි වු කරුණු මත නිවසට මීටර් 300 ක් පමණ දුරින් වු කලා ඔයෙහි දැරිය සෙවීමේ කටයුතු අරඹා තිබු අතර මේ වන විට දැරිය ඝාතනය කර කලා ඔයට විසී කර දැමු බවට දැරියගේ මව විසින් පාපොච්චාරණයක් කර ඇත. ඒ අනුව මව අත්අඩංගුවට ගත් බව පොලීසිය ස ඳහන් කරයි.
(36698)