(හිරාන් ප්‍රියංකර ජයසිංහ , ජයරත්න වික්‍රමාරච්චි)
සිය සිව් හැවිරිදි දියණිය ඝාතනය කර කළා ඔයට දැමු බවට පාපොච්චාරය කළ මව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුව පැය 24 ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා අද ( 4) පොලිසියට අවසර ලබා දුන්නේය.
මෙසේ රදවා ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා දී තිබුනේ සාලියවැව නිලබැම්ම ඔළුමඩු ප්‍රදේශයේ තම සිව් හැවිරිදි දැරිය ඝාතනය කර කලා ඔයට දැමු බවට පාපොච්චාරණය කළ හිටිහාමි මුදියන්සේලාගේ නයනා කුමාරි නැමති 21 හැවිරිදි එම දැරියගේ මවටය.
පසුගිය 30 දින සාලියවැව නිළබැම්ම ප්‍රදේශයේ පදිංචි ව සිටි සිව් හැවිරිදි ඩබ්ලියු .ජී .තෙනුරි තිසාරා නැමති සිව් හැවිරිදි දැරියක් නිවසේ සිටියදි අතුරුදහන් වි ඇති බවට ඇගේ මව සාලියවැව පොලිසිය ප්‍රකාශ ලබා දි තිබුණි.
.
පසුව දැරියගේ අතුරුදහන් විම සම්බන්ධව තෙවැනි දින මධ්‍යම රාත්‍රියේ දැරියගේ මව සාලියවැව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදි ඇය පාපොච්චාරණය කර තිබුනේ තම දැරියට පහර මරා නිවසේ සිට මිටර් 300 කට ආසන්න දුරකින් පිහිටි කළාඔයට දැමු බවයි .
ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කාන්තාව රදවා ප්‍රශ්න කිරීමට සාලියවැව පොලිසිය පැය 48 ක කාලයක් අධිකරණයෙන් ඉල්ලා තිබුණ ද පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු.එන් සිල්වා මහතා විසින් පැය 24 ක කාලයක් ලබා දි ඉතිරි පරික්ෂණ පවත්වන ලෙසට පොලිසියට නියෝග කර තිබුණි.