දියණිය අපයෝජනය කර පලාගිය පියෙකු සොයයි


(අජිත්ලාල් ශාන්තඋදය)
 
පහළොස් හැවිරිදි සිය දියණිය බරපතල අපයෝජනයකට ලක් කළ පියෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි රත්නපුර පොලීසිය කියයි.
 
රත්නපුර මල්වල ප‍්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇතිබව පොලීසිය කියයි. 
 
සැකකරු පසුගිය 31 දින රාත‍්‍රියේ සිය දියණිය බරපතල ලිංගික අපයෝජනය කළ බවට ඊයේ (03) රත්නපුර පොලීසියට කළ පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගැනීමට සොයයි.
 
දැරිය මේ වනවිට රෝහල් ගතකර සිටී. 
 
රත්නපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.